Tuesday, July 19, 2022

ආසයි මං......

 පුංචි පුංචි වැහි පොද පොද

 හිමින් හිමින් බිමට වැටෙන

 ආසයි මං ඒ වැහි යට

 සීමා නැතිවම තෙමෙන්න


        කලබලයක් නැතිව හිමින්

        තාලයකට ගලා බහින 

        ආසයි මං දොළ පාරක

        හිමි හිමීට අඩි තියන්න


 පිනි වැටිච්ච හිමිදිරියක

 මිහිඳුම්පට අතරමැදින්

 ආසයි මං පෙරම්බරේ 

 ඉර පායන හැටි බලන්න


         හිත අස්සෙන් විටින් විටක

         මතු වෙන පද මුමුණ මුමුණ

         ආසයි මං වැව් ඉවුරක 

         හැන්දෑ සුව රස විඳින්න


හිතට යනෙන හැම හීනෙම

 චුට්ටක් හරි නැවතී ඉන්න

 ආසයි මං ජීවිතයේ

 පුංචි පුංචි තැන් විඳින්න

         






1 comment:

ආසයි මං......

  පුංචි පුංචි වැහි පොද පොද  හිමින් හිමින් බිමට වැටෙන  ආසයි මං ඒ වැහි යට  සීමා නැතිවම තෙමෙන්න         කලබලයක් නැතිව හිමින්         තාලයකට ගලා...