Sunday, July 10, 2022

මගහැරුණි කිරි සිනහ

නුඹ මෙලොව එළිය දුටු 
ලස්සනම ඒ දිනම 
හැර යන්න සිදු වුනේ 
කරපු පිං මදිකමට
නුඹ හින්දා කිරි සුවඳ 
මං ගාව රැඳුනාට
මගහැරුණි කිරි සිනහ
නුඹෙ මුවඟ සැරිසැරුව

                    මගෙ මැණික සිහිනයෙන් 
                    නුඹ මාව දකිනවද
                    නුඹෙ කොපුල සිඹ යන්න
                    නෑ වරම් අම්මාට
                    තාත්තාගෙ චූටි දූ 
                    නුඹ වෙයන් හැමදාම
                    ඒ දෙනෙත තෙත් කරනු
                    නම් එපා කිසිදාක
 
 දෙතනේ පිරි කිරි කටක
 රසය නුඹ නොවින්දට 
 තාත්තාගෙ උණුහුමින්
 පිරී ඇති නුඹෙ ලොවම 
 කිරිපබළු රන්තෝඩු
 නුඹෙ ගතට පළදන්න
 ඉඩදියන් තාත්තට
 මගෙ අඩුව පුරවන්න

                   දෝණි හිනැහෙන විටදි
                   මං වගෙම ඉන්නවද
                   කිරිකැටිය නළවන්න
                   නුඹට කවි මතකයිද
                   කවදහරි අම්මා කෝ
                  චූටි දූ අහනකොට 
                  ඇගෙ ළපටි හිත් පොඩ්ඩ
                  නොරිදෙන්න හදනවද 

10 comments:

ආසයි මං......

  පුංචි පුංචි වැහි පොද පොද  හිමින් හිමින් බිමට වැටෙන  ආසයි මං ඒ වැහි යට  සීමා නැතිවම තෙමෙන්න         කලබලයක් නැතිව හිමින්         තාලයකට ගලා...